පොසොන් පොහොය නිමිති කරගෙන ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ උපදේශකත්වයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චමිපික කළුආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් පොසොන් පොහෝය වැසටහන කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශණාරාම පුරාණ විහාරස්ථානයේදී එම විහාරස්ථානයේ විහාරාධිපති රුහුණු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යය ආචාර්ය මාකොළ මංගල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුනි.
එදින ආගමික වැඩසටහන් ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඹස්සේ සජීවීව විකාශනය කිරිමට බැතිබර දායකත්වය ලබා දෙන ලද්දේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මුල්‍ය බැංකු අංශය විසිනි.
එහිදී බුදු දහමින් නිර්දේශිත ආර්ථික දර්ශනය පුද්ගල සවිබලගැන්වීම සදහා බලපාන්නේ කෙසේද යන්න මාතෘකා කරගනිමින් මහාචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති හිමිපාණන්ගේ ධර්ම දේශනය පෙරවරු අටට පැවැති අතර ඒ ආශ්රිත ධර්ම සාකච්ඡාව පෙරවරු නවයට පවත්වන ලදී.
ඒ සදහා දේශක හිමිපාණන් සහ මහාචාර්ය ගාමිණී ශ්‍රී රත්න මහතා එක්විය.
මෙම අවස්ථාවන්ට කැළනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය සදුන් යාපා මහතා, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චම්පික කඵආරච්චි මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා, කැළනිය ප්‍රාදේශීය ලේකම් තුමිය ගයනී රණසිංහ ,ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය ශානීකා ජයසංහ ඇතුලු සමෘද්ධි කළමනාකරුවන් හා සංවර්ධන නිළධාරින්ද පෙහෙවස් සමාදන් වු අටසියයකට වැඩි පිරිසක් ද සහභාගී වුහ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මුල්‍ය බැංකු අංශයේ අධ්යක්ෂ මහේෂ් ප්‍රනාන්දු මහතා සහ මාධ්‍ය අංශ ප්‍රධානී සේනක උබේසිංහ යන මහත්වරුන් විසින් වැඩසටහන සම්බන්ධිකරණය කරනු ලැබිණි.