Samurdhi Logo

Department of Samurdhi Development

Ministry of Rural Development,Social Security and Community Empowerment

Sri Lanka Logo

Department of Samurdhi Development

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ධම්මික මුතුගල මහතා 2026/02/09 වන දින රාජකාරි භාර ගත්තේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ධම්මික මුතුගල මහතා 2026/02/09 වන දින රාජකාරි භාර ගත්තේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස  කීර්තිමත් සේවා ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ධම්මික මුතුගල මහතා 2026/02/09 වන දින   රාජකාරි භාර ගත්තේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය සම්පූණ කල ධම්මික මුතුගල මහතා 2000 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවෘත තරග විභාගයේ ඉහළම දස දෙනා අතරට සමත්ව 2000/02/15 දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. ස්වකීය එක් අවුරුදු ආධුනික කාලසීමාවෙන් පසු 2001 වර්ෂයේදී උතුරුමැද පළාත් සභාවට අනුයුක්ත වූ ඔහු උතුරුමැද පළාතේ කර්මාන්ත හා පේශ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන, ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, කර්මාන්ත සහ ඉදිකිරීම කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ලෙසත් කටයුතු කලේය. එසේම උතුරුමැද පළාතේ ක්‍රීඩා අධ්‍යක්ෂ,ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ(පාලන) ලෙස කටයුතු කල ඔහු අවසන් වරට උතුරුමැද පළාතේ පරිවාස හා ළමා ආරක්ශ සේවා කොමසාරිස් ධූරය ඉසිලීය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ මායිම් ගම්මානවල දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔහු සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කලේය. උතුරුමැද පළාතේ ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම පළාතේ අන්ත දුගී පුරවැසියන් සඳහා ඔහු විසින් දියත් කල නිවාස ඉදිකිරීමේ වැඩසටහන එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාවට ද ලක් විය.

2011 වර්ෂයේදී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරයට පත් වූ ඔහු 2018 වර්ෂය දක්වා දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කල අතර එකී කාලය තුළ එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔහු දැරූ දායකත්වය ඉතා ඉහළය. එම කාලය වන විට ලංකාවේ ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වූයේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ප්‍රදේශයෙන් වුවද ඔහු විසින් දියත් කල "ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහන" හේතුවෙන් අද වන විටද දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය පිළිබඳ අවදානම ඉතා පහළ මට්ටමක පවතී.

2018 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත් වූ ධම්මික මුතුගල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් විය. ඔහුගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ 2019 වර්ෂයේ දී නේපාලයේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. එය ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව ලැබූ වැඩිම රන් පදක්කම් ප්‍රමාණය ද විය. එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිඩා තර්ගාවලියකදී ප්‍රථම වරට මලල ක්‍රීඩා අංශයෙන් ඉන්දියාව අභිභවා වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට ද සමත් විය. නැවත එවැනි වාර්තාවක් ශ්‍රී ලංකාව විසින් තබාවියැයි විශ්වාස කිරීම අපහසුය.

2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරය පත්වූ ධම්මික මුතුගල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයද දැරීය. අනතුරුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(විමර්ශන) තනතුරට පත් වූ ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක සිදු වූ මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශන කටයුතු මෙහෙයවීය. ඒ අතරින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාව, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සිදු වූ ගෝලීය තේ ප්‍රචාරක වැඩසටහනේ ඇමරිකානු ඩොලර් මිලියන 9ක මූල්‍ය වංචාව, විවිධ දිස්ත්‍රික්ක වල වී මිලදී ගැනීමේදී සිදුවූ රුපියල් මිලියන සියගනනක මූල්‍ය වංචා මෙන්ම ව්‍යාජ උප්පැන්න සහතික සකසමින් රටේ විවිධ අපරාධකරුවන්ට හැඳුනුම්පත් සකස් කර දී ඒ මගින් ගුවන්ගමන් බලපත්‍ර සකස්කර සිදුකළ විශමාචාරයන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මුද්‍රණයේදී සිදු කල මූල්‍ය වංචාවන්ද අනාවරණය  කර ගැනීමට ඔහු සමත් විය. එකී විශමාචාරයන්ට අදාළව විවිධ තරාතිරමේ රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවකට එරෙහිව මේ වන විට විනයානුකූල කටයුතු ආරම්භ වී ඇති අතර ඉන් විවිධ තරාතිරමේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම මේ වන විට විනය බලධරයන් විසින් සේවයෙන් පහ කර ඇත.

මෙවැනි රාජ්‍ය සේවා ඉතිහාසයකට උරුමකම් කියන ධම්මික මුතුගල මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සිය පළමු උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් ස්වකීය කළමනාකරනපති(ව්‍යාපෘති කළමනාකරණය) පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත් අතර ලෝකයේ ඉහළම තලයේ විශ්ව විද්‍යාලයක් වන චීනයේ පීකින් විශ්ව විද්‍යාලයේදී අන්තර්ජාතික රාජ්‍ය කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ඇත. බංග්ලාදේශය, ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය, ජපානය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාවේ, චීනය, එක්සත් රාජධානිය, නේපාලය, තායිවානය වැනි රටවල රාජ්‍යකරනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරා ඇති ධම්මික මුතුගල මහතා විසින් "රතු මකරාගේ දුප්පත්කමට එරෙහි සටනේ වීර කාව්‍යය" මැයෙන් රචනා කල පර්යේෂණාත්මක ලිපියක් චීනයේ පීකින් විශ්ව විද්‍යාලයේ නොමඳ ගෞරවයට පාත්‍ර විය.

Attachments

×